කුළු මී හරකුන් බහුලව විසූ ප්‍රදේශය යන අරුතින් මඩුවන්වෙල නමින් මේ ප්‍රදේශය ප්‍රකට වූ බව සැලකේ. දෙවන විමලධර්මසූරිය රජුගේ කාලයේදී (ක්‍රි: ව 1687 - 1706) මෙම ප්‍රදේශය මඩුවන්වෙල විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයාට පවරා දී ඇත. ඔහු මුලින්ම වලව්වක් සෑදවූ අතර සුප්‍රකට මඩුවන්වන වලව්ව එයයි.

එම මුදලිවරයා විසින්ම වලව්ව අසලම ඉදි කර ඇති මෙම වැව මඩුවන්වල වැව ලෙසින් හදුන්වයි.