ශ්‍රි මහා බෝධියේ සිට රුවන්වැලි මහා සෑය දෙසට දිවෙන මාර්ගයේ ලොවාමහාපායට ඉදිරිපසින් මෙම ස්මරකය පිහිටා ඇත.
මෙය තවමත් සම්පූරණයෙන්ම කැණීම් කර සංරක්ෂණය කල ගොඩනැගිල්ලක් නොවේ. එනිසා තවමත් සමහර තොරතුරු ඇත්තේ සැගවීය. නමුත් දැනටත් දැකිය හැකි සාධක අනුව පෙනීයන්නේ මෙය විවෘත ගොඩනැගිල්ලක් වෙන්නට ඇති බවයි. බිත්තියක සලකුණක දකින්නට නැතිවීම් මෙවන් අදහසක් ඉදිරිපත්වීමෙට හේතුවකි. දැනට මෙහි වහලයක් හෝ එය රැදවීමෙට යොදාගත් සියලුම ගල් කණු දක්නට නැති වූවත් ඉතිරිවී ඇති කණු වල සාධක අනුව පෙනී යන්නේ එක් පෙලකට කණු 10 බැගින් වූ කණු පේලි 8 කින් මෙය සමන්විත වූ බවයි. ඊට අමතරව සිවු දිසාවෙන් ඇතුල්වීම සදහා දොරටු 4 ක් ද පිහිටුවා තිබේ.
මහාවංසය ද මෙම ස්ථානය ගැන පවසයි. මිහිඳු හිමියන් වෙත දේවානම්පියතිස්ස රජතුමා විසින් මහමෙවුනා උයන පිදීමෙන් පසුව උන් වහන්සේ පැවසූ අනාගතයේ පුදබිම් වෙන තැන් අතරට මෙම ස්ථානයත් අයත්ය. මිහිඳු හිමියන් මෙතැනදී අඹ ගෙඩියක් අනුභව කර එහි ඇටය එහිම රෝපනය කළේය. ඉන් පසුව එම ස්ථානය භික්ෂූණ්ට ලැබෙන නොයෙකුත් ලාබයන් සමගිව බෙදන තැන ලෙසඳ පැවසුවේය. සද්ධර්මාලංකරයේ ද මෙම ගොඩනැගිල්ල හදුන්වා ඇත්තේ පැනඹ මළුව ලෙසින්ය. එනම් සංඝයාට ලැබෙන ලාභ බෙදන ස්ථානය ලෙසයි. මෙම ස්ථානයේ සවිකර ඇති පුවරුවේ සඳහන්ව ඇත්තෙ මෙය මහා විහර භික්ෂුණ්වහන්සේලාගේ රැස්වීම් ශාලාව සහ මිහිඳු හිමියන්ගේ ශ්‍රී දේහය ආදහනයට පෙර සතපා තිබූ ස්ථානය වශයෙන්ය. |