මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවූ තම රාජ සභා ගොඩනැගිල්ලයි මේ. රජුගේ මාළිගාවටත්, රාජකීයන්ගේ පොකුණ (කුමාර පොකුණ) අතර ප්‍රදේශයේ මෙය දැකිය හැකිය. මහාවසංසයේ පරාක්‍රමබාහු රජුගේ රාජ සභාව හදුන්වා ඇත්තේ රාජවෛශ්‍යභූජංගය ලෙසින්ය. ඒ 73වන පරිච්ඡේදයේය.