මෙය පිහිටා ඇත්තේ ශ්‍රී මහා බෝධියේ නිරිත දිසාවේ ඇති ආවාසගෙයට යාබදවය. ශ්‍රී මහා බෝධියේ සිට මිරිසවැටිය දෙසට යද්දී දැකිය හැකිය.

මෙතන එතරම් සංචාරක ආකර්ෂණයක් යොමුවන ස්ථානයක් නොව්. කම්බි වැටකින් වටවී තිබීම නිසා සමීපයට ගොස් දැකබලා ගන්නට නොහැකිවීම මේකට හේතුව විය හැකිය. එසේම ස්මාරකය අවට ප්‍රදේශය වල්බිහිවී ගොස් ඇත.

‍මෙම ගොඩනැගිල්ල කුමන කාර්යයක‍ට යොදා ගත්තක්දැයි පැහැදිලි නැ. නමේ තේරුම අනුව නම් භික්ෂූණ්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගත්තක් විය හැකිය.

මහාවංසයට අනුව ක්‍රි : ව 340 - 368 කාලයේදී ධාතුසේන රජතුමා විසින් "මොනර පිරිවෙන නම් මහා විහාරය" කරවූ බව පවසයි. එම ගොඩනැගිල්ල මෙය විය හැකිය. මුල් නිර්මාණය රියන් 25ක ප්‍රමාණයෙන් යුක්ත විය. ඊට අමතරව රජු විසින් විහාරයේ යහපත උදෙසා "සමණය" හා ‍"ගොලපාණූව" යන ගම් දෙකද මෙම විහාරයට පූජා කර තිබේ. වර්තමානය වන විට මයුර පිරිවෙන ලෙස හදුනාගත හැක්කේ එක් ගොඩනැගිල්ලක නටබුන් පමණි.