මෙම පොකුණ පරාක්‍රමබාහු රජුගේ මාළිගා සංකීරණයට අයත් නාන තටාකයයි. වංශකතාවල මෙම පොකුණ "ශිලා පොක්කරණී" ලෙසින් හදුන්වා ඇත.
ජලය සපයාගැනීමේ පහසුව නිසාදෝ මෙය ඇතුල් නුවර ප්‍රකාරයෙන් පිටතට වෙන්නට සාදා තිබේ. පැරකුම් රාජ සභා මණ්ඩපය අසලින් පහළට ඇති පියගැටපෙළ යොමු වෙන්නේ මෙම පොකුණටය.
පොකුණ සමීපයෙන්ම ඇති ගොඩනැගිල්ල වස්ත්‍ර ඇදීමේ කුටිය වශයෙන් හදුනාගෙන ඇත. |