අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ එන විට හමුවන තල්දූව නම් නගරයේ දකුණු පැත්තට වෙන්නට ඇති කුඩා මඟක් ඔස්සේ යාමෙන් මෙම ස්මාරකය පිහිට උස් භූමියට පිවිසිය හැකිය. එම මාර්ගයට හැරෙන ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවි කළ පුවරුවක් දැකිය හැකිය.

මෙම මාර්ගයේ යන විට එදවස දේවාල භූමියට පිවිසීම සඳහා යොදා තිබූ ශිලාමය පාලම හමුවේ. ඉතා විශාල ප්‍රමාණයේ මෙම ශිලා පුවරුවේ එක් පැත්තක් පුපුරා ගොස් ඇත.

මෙම කෝවිල සීතාවක පළමු රාජසිංහ රජතුමා විසින් කරවූ බව සැලකේ. තම පියා මැරවීමේ පාපයෙන් මිදීම සඳහා ශිව ආගම වැළඳගත් රජතුමා අරිට්ටකීවෙන්ඩුපෙරුමාල් නම් පූජකයාගේ උපදෙස් අනුව යමින් මෙය සාදා ඇත. ඒ ක්‍රි.ව 1582 තරම් කාලයේදීය.

පෘතුගීසීන් විසින් කිහිප අවස්ථාවකදීම මෙය විනාශ කරන ලදී. අද ඇත්තේ 1595 දී පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්. සී. පී. බෙල් මහතා විසින් ප්‍රතිසංස්කරණය කළ ආකාරයටය.