රත්නපුර දිස්ත්‍රක්කයේ කොලොන්න උප දිසාපති කොට්ඨාශයේ පිහිටි වවුල්පනේ හුණුගල් ගුහා පද්ධතියට භූවිද්‍යාත්මකවත්, පරිසර විද්‍යාත්මකවත් වැදගත් තැනක් හිමි වේ. වසර දහස් ගණනක්පුරා සිදුවූ භූමියේ වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි ස්ථානයක් නිර්මාණය වේ. මෙහි ඇති තවත් වටිනාකමක් නම් විශේෂ කිහිපයකම වවුලන් මෙහි වාසය කිරීමයි.

කන්දක් හරහා, කන්දේ ඇතුලතින් ගලාගෙන යන දිය දහරක් හේතුවෙන් මෙම ගුහාව සෑදී ඇත. එම ගුහාව විහිදී ඇති කන්දේ මතුපිට ප්‍රදේශයේ විශාල ගස්කොලන් වැවී තිබේ. කුඩා දියපාරක්ද ගලා යයි. මෙම ජලය ඖෂධීය ගුණයෙන් යුක්ත යැයි සැලකේ.

ලෙනේ එක් දොරටුවක් අසල හුණුගල් බිත්තියේ පැරණි පොසිලයක් ඇතැයි සමහරුන් පවසති. පළමු ඡායාරූපයේ මැද්දට වෙන්නට ඇත්තේ එම පොසිලය යැයි හදුන්වන ස්ථානයයි. නමුත් එහි විශේෂත්වයක් අපිටනම් හදුනාගන්නට නොහැකි විය.