හෙක්ටයාර 3400 ක් පුරා විහිදුණු උඩවලව ජලාශය මූලික කර ගනිමින් මෙම වනෝද්‍යානය ඉදිකර ඇත. රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන් දෙකටම අයත් වන මෙම වන උයන තුල අතරමැදි තෙත් කලාපීය දේශගුණයක් දැකිය හැකිය.
1972 ජූනි 30 වෙනිදා මෙය ජාතික වනෝද්‍යානයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත කර තිබේ. මෙයට හෙක්ටයාර් 3018ක භූමි ප්‍රමාණයක් අයත් වේ.
අලි ඇතුලු නොයෙකුත් සත්වයන්ගේ නිවස්නක් ලෙසත්, උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ලෙසත් මෙම වන බිම වැදගත් තැනක් උසුලයි. වලවේ ගඟ හා මව් ආර මේ හරහා ගලා බසී. උඩවලව ජලාශය සාදා ඇත්තේ මෙම වලවේ ගඟ හරස් කිරීමෙනි.
සතුන් රැසක් සිටිනා වනෝද්‍යානයක් වුවද අලි සඳහා උඩවලව වන උයන වඩාත් ප්‍රකටය. ඒ දවසේ ඕනෑම වෙලාවක මෙහිදී අලි දැකිය හැකි බැවිනි. ඒ කතාව අපිටත් ඇත්ත බව සිතුනේ අවස්ථා කිහිපයකදීම සමීපව අලින් දැකීමට හැකිවූ බැවිනි. එම ඡායාරූප වෙනමම දක්වා තිබේ. අලින්ට අමතරව තවත් සතුන් රැසක් අපේ ඇස ගැටුණු අතර ඔවුන්ගේ ඡයාරූපද මේ සමඟ දක්වා ඇත.
වර්තමානයේ මෙම වන උයනට ඇත්තේ එක් ප්‍රවේශ මාර්ගයක් පමණි. ඒ උඩවලව - තණමල්විල මාර්ගයෙනි. මීට අමතරව සබරගමුව පළාත් සභාවව මගින් සිය පළාත් මායිමේ පිහිටි වැලිගෙපොළ - හඳගිරිය මාර්ගයෙන් තවත් ප්‍රවේශ දොරටුවක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ. |