රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයේ ඇතුලට වෙන්නට මෙම දිය ඇල්ල පිහිටා තිබේ. ඇල්ලට ඇතුල්වීම සඳහා සුළු මුදලක් අය කෙරේ.
කළු ගඟේ දිය දහරින් පෝෂණය වන මෙම ඇල්ල ආරම්භ වන්නේ කුම්මාපිටිය කන්දෙන් ඇද හැලෙන කිරිඳි ඇලෙනි. උසින් මීටර් 116 ක් පමණ වූ මෙම ඇල්ලට ලංකාවේ දිය ඇලි අතර හිමිවන්නේ හත් වන ස්ථානයයි.
මේ ඇල්ල වෙත යාමට ඇති මාර්ගය මඳක් දීර්ඝ වන අතර දුෂ්කරය ස්වභාවයක් ද ගනු ලැබේ. ඇල්ල අසලට පැමිණි පසුව ප්‍රධාන මාර්ගයෙන් පහළට දිවෙන පියගැට පෙළක් ඔස්සේ ඇල්ල වෙතට ප්‍රවේශ විය යුතුය. ගමන අතර මැද නැරඹුම් මැදිරියක් සාදා තිබේ. මෙහි දැකවෙන පළමු හා අන්තිම ඡායාරූප එහි සිට ගත් ඒවාය. නමුත් එතැන සිට තවදුරටත් පහළට ගමන් කිරීමෙන් අවශ්‍යනම් ඇල්ලේ පාමුලටම යා හැකිය. එතැනදී නෑමට සුදුසු පරිසරයක් පවතී.
ජලය හොදින් ඇති කාලයකදී මෙය නැරඹිමට පැමිණියහොත් මීට වඩා සෑම අතින්ම සුන්දර දර්ශනයක් දැකීමට හැකිවේ. අප යන අවස්ථාවේ ජල මට්ඨම ඉතාමත් අඩුවී තිබූණි. වෙන දවසක ආවනම් හොඳයි කියලයි අපිට එතැනදී සිතුණේ. |