ලක්දිව ඇති දිය ඇලි අතරින් අතීශයින්ම ප්‍රකට ස්ථානයක් ලෙස දුන්හිද හදුන්වා දිය හැකිය.

වැසි සහිත කාලගුණයක් පවතින කාලයකදී අපි දුන්හිද නැරඹිමට ගිය අතර එබැවින් එහි නියම සුන්දරත්වය දත්විදීමට නොහැකි විය. ඇල්ලේ ජලය ‍මඩ පැහැ ගැන්වී තිබූ අතර ඇල්ලේ පහල නොයෙකුත් කුණු කසල එක් රොක් වී තිබුණි. ඇල්ල දැක ගැනීමට සාදා තිබූ නැරඹුම් මැදිරිය සම්පූරණයෙන්ම රොන් මඩින් වැසී තිබුණි. 2008 වසරේ අප්‍රේල් මාසයේ අපි දුන්හිද දුටුවේ එසේය. නමුත් වර්තමානයේ ඇල්ලේ අවට පවතින්නේ එලෙසින්දැයි අපි නොදනිමු.